2017-06-25

මොහොමඩ්


මොහොමඩ් කියන්නේ මම කලින් රැකියාව කල තැන මාත් එක්ක වැඩ කල යාලුවෙක්.

හැසිරීමෙන් මොහොමඩ් සාම්ප්‍රදායික කියල සැලකෙන මුසල්මානුවෙක් නොවන බවයි පෙනුනේ.

සම්පූර්ණයෙන්ම රැවුල මුඩු කල මොහොමඩ්ගේ මුහුණ, මොහොමඩ් සැරසිලා හිටිය නූතන පන්නයේ ඇඳුම්, මොහොමඩ් පාවිච්චි කල වාග් විලාශය, මොහොමඩ්ගේ සිංහල කතා කිරීමේ හැකියාව, උත්සව වලදී මොහොමඩ් හැසිරෙන විදිය වගේ දේවල් දකින ඕනම කෙනෙක් හිතන්නේ මොහොමඩ් මුසල්මානුවෙක් නෙමේ සිංහලයෙක් කියල.

මොහොමඩ්ගේ ආකල්ප පවා ඔහු විසින් හැඳින්වුයේ නූතන ආකල්ප විදියට. ආගම වෙනුවෙන් මිනීමරනා අයිසිස් ත්‍රස්ථයන්ව ඔහුගේ දැඩි විවේචනයට ලක් වීම, බුර්කාව අනිවාර්‍ය කොට නීතියක් කුරාණයේ නැතැයි පැවසීම වැනි ඔහුගේ ආකල්ප අප තුල මොහොමඩ් ගැන ඇති කලේ පැහැදීමක්.

මොහොමඩ් ගැන මේ විස්තර මම සඳහන් කලේ මොහොමඩ් බැලූ බැල්මෙන් සාම්ප්‍රදායික අදහස් දරන මුසල්මානුවෙක් නොවන බව කියවන ඔබට ඒත්තු ගන්වන්නයි.

මේ විදියට අප සැමගේ හොඳම යහලුවකු බවට පත්ව සිටි මොහොමඩ්ගේ අදහස් තව තවත් දැනගන්නට මා තුළ තිබ්බේ දැඩි කුතුහලයක්. අධික කාර්‍ය බහුලත්වය මැද නිදහසේ කතා කරන්න අවස්ථාවක් ලැබෙන තුරු සිටි මට දවසක් ඒ අවස්ථාව ලැබුනේ වාසනාවට වගේ.

මොහොමඩ් ගේ ආගම හා සම්බන්ධ විශ්වාස ගැන කෙටි පිළිසඳරකට මම කල ආරාධනය මොහොමඩ් පිළිගත්තේ ඉතාම සතුටින්. අදාල මාතෘකාව ගැන කතා කල අප සාකච්ඡාවේ මට අමතක නොවනම කොටස වෙත පැමිණියේ විනාඩි කිහිපයකට පමණ පසුවයි.

මම - උඹ කියපු ගොඩක් දේවල් ඇත්ත මචන්. මමත් උඹ එක්ක එකඟයි.

මොහොමඩ් - ඔව් බං. අපේ ගොඩක් උන් ආගම පාවිච්චි කරන්නේ තමන්ගේ වාසියට. තමාට ඕන විදියට ආගම වෙනස් කරගන්නවා. බෙදිලා මරාගන්නවා. ආගම කියන්නේ ඒක නෙමේ බං

මම - ඔව් මචන්. ආගම වුනත් අනිත් උන්ට හානියක් නැති විදියට අදහනවා නම් එච්චරයි.

මොහොමඩ් - ඒක ගොඩක් උන්ට නොතේරෙන එකයි ප්‍රශ්නෙ.

මම - මචන් මට උඹෙන් තව දෙයක් දැනගන්න ඕන.

මොහොමඩ් - අහපන් මචන්.

මම - උඹලගෙ ආගමේ තියෙනවනෙ බං සමහර වැරදි වලට.. ඒ කිව්වේ බඳින්න කලින් ලිංගික හැසිරීම් වල යෙදෙන එකට, සැමියා/බිරිඳ නොවන වෙනත් අය එක්ක ලිංගික හැසිරීමේ යෙදෙන එකට, සමලිංගිකයන්ට එහෙම දඬුවම් දෙන්න ඕන කියලා. ගල් ගහලා මරන්න ඕන කියලා. ඒක ගැන උඹේ අදහස මොකක්ද?

මොහොමඩ් - මෙහෙමයි මචන්. දැනට රටේ නීතියක් තියෙනවානෙ. පවතින රටේ නීතියට උඩින් යන්න එපා කියලයි අපේ ආගමේ උගන්නන්නේ.

මම - නෑ. මම අහන්නේ ඒ දඬුවමට උඹ එකඟද නැද්ද කියලා. ඒ කියන්නේ දැන් අපේ රටේ නීතියක් තිබ්බට.. සම්මතයක් තිබ්බට.. ක්‍රමයක් තිබ්බට, ඒක හොඳම ක්‍රමය කියලද උඹ හිතන්නේ. නැත්නම් අර වැරදි වලට ගල් ගහල මරන විදියේ නීති ගේනවට උඹ එකඟද?

මොහොමඩ් - ඔව්. එකඟයි.

මම - ඒ කියන්නේ උඹ එකඟයි අර කිව්ව වැරදි වලට මිනිස්සුන්ව ලංකාවෙ හන්දි ගානේ ගල් ගහල මරනවට? එහෙම නීතියක් කවදා හරි සම්මත වෙනවට?

මොහොමඩ් - ඔව් මචන්

මම - උඹ හිතනවද ඒ වගේ ක්‍රමයකින් සමාජය වඩාත් යහපත් තැනක් කරන්න පුළුවන් කියල?

මොහොමඩ් - ඔව් මචන්. ඒ දේවල් වලට ඒ වගේ දඬුවම් දෙන්න ඕන.

මම - හරි. මෙහෙම හිතහන්. උඹ කියන විදියට උඹ කියන ඔය නීතිය හෙට සම්මත වෙලා උඹලගෙ ගෙවල් හන්දියෙ ඒ විදියට මනුස්සයෙක්ට ගල් ගහන අවස්ථාවක් ආවා කියලා. උඹත් අරුන් එක්ක එකතු වෙලා ඒ මනුස්සයාට ගල් ගහනවද?

මොහොමඩ් - ඔව් මචන්. ගහනවා.

මම - මෙහෙම හිතහන්. ඒ වැරැද්ද කල කෙනා මම වෙලා උඹ ඒ වෙලේ එතන හිටියොත් උඹ මට මම මැරෙනකල් ගල් ගහනවද?

මොහොමඩ් ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට කලේ ඔහුගේ මුව මඳහසකින් පුරවාගෙන මගේ පිටට තට්ටු කරමින් එතැනින් ඉවත්ව යාමය. මොහොමඩ් හා මගේ සාකච්ඡාව එතනින් අවසන් විය.

----

අප දෙදෙනාගේ කතාව අවසන් වුනේ මොහොමඩ් වැනි දහස් ගණනක් වූ ලාංකේය මුසල්මානුවන්ගේ ආකල්ප, සහ ඔවුන් බිහි කිරීමට බලාපොරොත්තු වන සමාජය ගැන මා සිත තුල ප්‍රශ්නාර්ථ දහසක් ඉතිරි කරමිනි.

සිංහල බෞද්ධ හෝ කතෝලික හෝ නිර් ආගමික හෝ කාට වුවත් අප සැමගේ අරමුණ මේ ලෝකය අපෙන් පසු බිහිවන ඊළඟ පරම්පරාවට වඩා යහපත් තැනක් කිරීමටයි. අප අතර මත ගැටුම ඇත්තේ එසේ බිහි කරන සමාජය කුමක්ද එසේ බිහි කරන්නේ කෙසේද යන කාරණය ගැන පමණි.

සාම්ප්‍රදායික නොවන නූතන චින්තනයෙන් යුත් මුසල්මානුවන් යනුවෙන් තමා හඳුන්වා ගන්නා, අපත් සමඟම එදිනෙදා ජීවත් වෙන බොහෝ මුස්ලිම් තරුණ පිරිස් අනාගතය ගැන සිහින දකින්නේ මෙලෙසය. ඔවුන් යහපත් සමාජයක් ලෙස අර්ථ දක්වන්නේ මෙවන් ලෝකයකි. යහපත් සමාජයක් බිහි කිරීමට ඔවුන් අදහස් කරන්නේ එවන් ක්‍රම වලිනි.

ඒ බවට මගේ මිත්‍ර මොහොමඩ් පමණක් නොව ලංකාවේ ජීවත් වන තවත් මොහොමඩ් ලා දහස් ගණනක් සාක්ෂි දරාවි.

සිතීමට පවා බියකරු සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් විශ්වාස පද්ධතියක් තම ලෝක දැක්ම කරගත් මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් සමඟ අප ජීවත් වන්නෙමු. අප දරුවන් ජීවත් විය යුත්තේ ඔවුන්ගේ මතවාද වලින් පෝෂණය වූ ඔවුන්ගේ දරුවන් සමඟයි.

අප ඉදිරියේ ප්‍රශ්නයක් ඇත. එය අවිවාදිතය.

ප්‍රශ්නය වන්නේ ඔවුන්ගේ ජාතිය නොව, ඔවුන් පිළිගන්නා විශ්වාස පද්ධතිය තුළින් ඔවුන් මත ඇති කර තිබෙන ලෝක දැක්මයි. ඉස්ලාම් දහම යන ලෝක දැක්ම තම විශ්වාසය කරගත් මිනිසුන් සමඟ එකට ජීවත්වන්නට සිදුවීම සැබවින්ම ප්‍රශ්නයකි. මෙය අපට පමණක් නොව මුළු මහත් ශිෂ්ඨ මනුෂ්‍යය සංහතියටම මුහුණ දෙන්නට සිදුව ඇති දරුණුතම ගැටළුවකි.

අප මේ ප්‍රශ්නය විසඳන්නේ කෙසේද? අප මේ ප්‍රශ්නය විස‍ඳන්නට තෝරාගන්නා මාර්ගය කුමක්ද? අප මේ ප්‍රශ්නය විසඳන්නට ගොස් තවත් ප්‍රශ්න කොපමණ ඇතිකරගනීවිද..

යන කාරණය මත අපගේ දරුවන්ගේ අනාගතය තීරණය වනු ඇත.

ප/ලි -

01. මගේ මිත්‍රයාගේ සැබෑ නම මොහොමඩ් නොවේ. සැබෑ නම සඳහන් නොකලේ හිතාමතාමය.

02. මෙහි එක මිත්‍රයෙක් සමඟ කල සංවාදයක් දැක්වුවද මේ කාරණය ගැන මගේ හොඳම මිතුරන් වූ මුසල්මානුවන් දෙදෙනෙකු සමඟ සාකච්ඡා කර ඇත. දෙදෙනාගේම අදහස එකිනෙකාගෙන් වෙනස් වූයේ නැත.


උපුටාගත්තේ මෙතැනින්

http://magewalpal.blogspot.com/2017/06/blog-post.html

2017-06-15

කලටි වේලෝනවා ... හොදට පස්සෝනවා


ඔන්න ඒ පාර පිටිකල පොල් කිරි පැකට් වලත් ගාන වැඩි කරලා කියහංකෝ , පොල් මිරිකලා ගන්නවා තරං ගතියක් නැති උනත් මං දැං ඒකට ඇබ්බැහි වෙලා ... ලේසිය හින්දම .... අවුරුදු ගානකට කලින් අපේ උන්දැ දවසක් ඔව්වා ගෙනත් මං දෝස් මුරේ දැම්මාය .. දැං .. මමම ඒවා අමතක කරලා ලේසියට ගේනවය අරකය මේකය කියලා උන්දැ ත් දැං කනු කුනු ගානවා ...

ඒ උනාට මට නං පොල් කුක්කු පිටි වැඩේ අත අරින්ඩම හිතෙන්නේ නැ ....මැල්ලුමකට පොල් ගෙඩියක් ගාන එකත් දැං නිකං බැ බැ වගේ .... ඔන්න ලොකු එකී ගෙදර ඉන්න වෙලාවට නං පොල් ගාල දෙනවා ... අපරාදේ කියන්ඩ බැ චුටි අතින් ලස්සනට ගාල දෙනව .... එක පොල් බැයකට පැයකට වඩා  ගියත් මොකැ ... ගෑනු ළමයි ඔව්වා පුරුදු වෙන්ඩ එපැය ...

 ගැණු ළමයි විතරක් මොකැ පිරිමි ළමයි උනත් ... ගේදොර වැඩ පුරුදු වෙන්ඩ ඕන .....මොකැ අහක යනව යැ ... අපි  දැං වැඩ ගන්නේ ............මේ........... ඉවුං පිහුං පුරුදු උන හන්දනේ.......මට වෙලාවකට හිතෙනවා .. මං මේ උයන පිහන වැඩ කොහොම පුරුදු    උනාද    කියලා .... උයන්ඩ හිතුනා ඉව්වා .... කවුරුත් උගන්නලා .. කියලා දීලා ... අහගන ඉගනගන නෙමෙයි.

අපේ උන්දැ නං පොල් ගෙනත් ගාලමයි ගන්නේ .... මම නං ගේනෙම නැ ... මැල්ලුමක් හදන්නෙත් උන්දැ ගෙනාපු පොල් තිබුනොත් විතරයි .... ඇයි යකෝ හැත්තැවක් අසුවක් දීලා ..ගෙනත්   තව දසවද විදින්ඩත් එපැය ... ඒ හුංජං පොල් හිරමනේට රිංගවන්ඩත් බැ ..  ඔය මැල්ලුමට වඩා රසයි මුකුනුවැන්න ...පොල් කුක්කු පිටි   කිරි හොදි ජුනුඩක් ලිපේ තියලා   හොද්ද හරියාගන එනකොට ලිපෙන් බාල ... ලුණු දාපු කහ වතුරෙන් හෝදලා කපාගත්ත මුකුනු වැන්න ටික දාල  වහල තිබ්බහම.

පොල් ගණන් කේස් එකනං දැං යන්නේ රැල්ලට කියලයි මට හිතෙන්නේ .... පහුගිය කාලේ පොල් හිගයක් තිබුනට දැං නං ඒක යම්තරමක් දුරට සමනය වෙලා තියෙන්නේ ... නමුත් ගාන බස්සන්නේ නැ .... අතරමැදියොයි ..කඩකාරයොයි ...තමන්ගේ කට්ටේ වෙනස් නොකර තියාන ඉන්නවා .... අනික ඔය වතු වලින් පොල් එකතු කොරන පොරවල් ... පොල් ඔසේට හැදුනත් ... ගස්වල පොල් නැතුව .... අහේනියක් ආවත් පොල් ගණන් නැග්ගත්   හොදටෝම බැස්සත් ... වතුකාරයන්ට දෙන ගාන එහෙමකට අඩු වැඩි කොරන්නේ නැ .

ඔන්න මේ වාගේ පට්ටෙට නෙමෙයි තරමක් පොල් ගණන් කාලෙක පොල් විකුනන්ඩ ගිහින් මරු සීන් එකක් උනා අපිට , අපිට කියුවේ මටයි මගේ යාලුයෝ දෙන්නෙකුටයි ....

ඒ කාලේ මං පොඩි එකා ... ඔය ඉදලා හිටලා සිකරට් එකක් මලක් එහෙම ගැහුවට අරක්කු බොන එවුන් එහෙම පේන්ඩ බැ... ඔය වයස පහලවක් දාසයක් ඇති .... මගේ යාළුවෝ දෙන්නට පිලිවලින් දාහතක් දහ නමයක් ඇති ....වැඩිමාල්ම එකා ඉස්කෝලේ හතටද කොහෙද ගියේ   ..තාත්තලගේ අයියලාගේ කසිප්පු බිස්නස් එකට සපෝට් එකක් දීගන ඉන්නවා..

ඌ  චන්ඩියා කාටද දෙකක් නෙලන්නේ කියලා බලාගන ඉන්නේ .... උල් පිහියක් ඉනේ ....හැබැයි හිත හොද එකා .... අනිකා උගේ නැන්දගේ පුතා .... ඒ ලෙවල් කරනවා .... දක්ෂයා උනාට ... මට වගේමයි කැලේ පයින්ඩමයි හිත .... ඌටත් වඩු වැඩ එහෙම හොදට පුලුවන් ... කොහෙද දැං වගේ පාර පෙන්වන්ඩ යාලුවෝ අපිට හිටියේ නැනේ .. එහෙනං අපිත් .. මෙලහට ලස්සෙට කොඩිය දාල.

ඒදා ඉතින් අපිට අතේ පිචිචිය නැති පට්ට කෝඩ දවසක් .. ගතම් එකක් ලැබෙන ක්‍රමයක් නැ ....  මං පොඩි එකා උනාට ඒ කාලේ ඔය පොඩි පොඩි වයිරින්ග් වැඩ .... අයන් රෙපයාර් ... හොට් ප්ලේට් කොයිල් මාරුකිරිලි එහෙම කරනවා.... ඒ ලග තිබුනා කඩයක් ... කඩේ කරන්නේ ඇන්ටි කෙනෙක් .... කිහිප දවසක් මට කියුවා ... කුස්සියේ ... පෝරනේ අස්සේ ලයිට් එක වැඩ කරන්නේ නැ බලන්ඩ කියලා ....  මං ඕකට මග ඇර ඇර උන්නේ .... පට්ට පජාත පොබ් එකක් හන්දා ....  ඇයි යකෝ දැලියි ...දුබුලුයි නාන්ඩ එපැය....

අපේ ලොකු එකා චන්ඩියා .... හිටහංකෝ බලන්ඩ අපේ  ලොක්කගෙන් වත් දඩයක් දාගන්ඩ පුලුවන්ද බලන්ඩ කියලා .... තාත්තගෙන් කීයක් හරි ඇරං එන්ඩ කියලා පිටත් උනත් අපි දෙන්නා දන්නවා ඒකට සත පහක් නොදෙන බව ... මොකැ උන්ගේ තාත්තයි අයියයි ... කසිප්පු අදිනවට ඔත්තු බලනවටත් ඕකට හරියට ගෙවන එකක් යැ.

‘‘ දම්මිකයා යමං ........අනුරයා එනකං මාගරට් කඩේ පැත්තේ .........ලයිට් එකක් හදන්ඩ තියනවා කියුවා ‘‘

‘‘ උඹ පලයං මම ජයතිස්සලැ දිහාට ගිහින් එන්නං ... ජනෙල් පියං අල්ලපු සල්ලි  වාගයක් එන්ඩ තියනවා .... දෙන්නැ බං ... හැම දාම ගියහම ගෑණි ...............අයියා ...ඥඤ   ගානවා ‘‘

‘‘ එහේ පස්සේ යමං ... මේක බලලා එමු ‘‘

කියලා මං ඌවත් ඇදං කඩේට ගොඩ උනා , ඇන්ටි නැ ඇන්ටිගේ සක්කරවට්ටං දුව ඉන්නවා

‘‘ ප්‍රියංගාක්කේ කෝ අම්මා ‘‘

‘‘ ඇයි   මොකෝ ‘‘

‘‘ තමුසෙට එකෙන් වැඩක් නැනේ .. අම්මට කතා කරනවකෝ ‘‘

‘‘ ආ එහෙමද..... වරෙන්කෝ ආයේ ණයට සිකරට් ඉල්ලගන ‘‘

‘‘ මේ ඇත්තටම ඒකට තමා ආවේ ... ණයට ගොල්ලිප් දෙකක් දෙනවකෝ ‘‘

‘‘ හැක හැක හක් ක්කක්හැක ‘‘

දම්මිකයා ලොබු ඇන්ද   බඩට අරින්ඩ හිතෙන හිනාව දානවා මගේ පස්සට වෙලා .... අම්මපා ඕකගේ ඔය හිනාව තමා   මට අල්ලන්නේම නැත්තේ ... නයට තියා සල්ලි වලටවත් සිකරටි විකුනන්නේ නැ .... ඔය පජාත හිනාවට ... ඒ තරං අප්පරසන්නයි ඒක

‘‘ ආ ඇත්තද එහෙනං නාල වරෙන් ‘‘

‘‘ නාල තමා ආවේ හැක හැක හක් ‘‘

  මූ ආයෙත් හැකර කට අරිනවා

‘‘ නැවට යනව යැ උඹලගේ හඩු ගද ‘‘

‘‘ කාකි සූට් නැති කාලේ ඔව්වා කියුවේ නැනේ ‘‘

ධම්මිකයා වෙන වෙන පරන කරුමාන්තත් එතන අදිනවා

‘‘ ෂ්... ෂ්... අම්මා එනවා ‘‘

‘‘ ඇන්ටි අර ලයිට් එක හදාගත්තද ‘‘

‘‘ කොහෙද කියුවට ආව යැ .. මං අර මනුස්සයෙක් ගෙන්නගෙන හදාගත්තා ‘‘

‘‘ ආ එහෙනං අපි යනවා ‘‘

‘‘දම්මික ගස්වල තැබිලි නැද්ද ‘‘

‘‘ අපේ ගස්වල නං නැ නැන්දේ ... සීයලැ තියනවද බලන්ඩ ඕන ‘‘

අපිට ඇන්ටිලා   අංකල්ලා උනාට ගංකාරයෝ වෙච්ච උන්ට ගමම නැන්දලා ...මාමලා ...පුචිල බාප්පලා

‘‘ සීයලැ තැඹිලි තියනවද ..බං  ‘‘

‘‘ තිබ්බත් ආච්චි අමමා එක්ක කොහේ කඩන්ඩද බං .... ‘‘

අපි දෙන්නා ඉතින් ආයෙත් මෝඩගල් ගොඩට හෙවනට ගහපු මඩුව යටට  එනවා .... ටිකකින් අනුරත් බැල්ලියෙක් නැති හමනේරියන් බල්ලෙක් ගානට අකුලගන පද්ද පද්දා එනව.

‘‘ දුන්නැ නැ බං සත පහක් ... අම්මට හැමනෙන්ඩ  ආයේ ඕකුන්ගේ පරවැඩ කරන්නැ නැ මං ...  ‘‘

‘‘ මාගරට් නැන්දා තැබිලි තියද ඇහුවා .. නැද්ද බං උඹලගේ වත්තේ ‘‘

‘‘ ඔහේ නැ බං ‘‘

‘‘ එහෙනං ඒකත් හරියන් නැ ‘‘

‘‘ හැබැයි කරනවනං වැඩක් තියනවා   දයාරත්නයගේ වත්තෙ නං හොද වලු දෙක තුනක් තිබුනා ‘‘

‘‘ අඩේ කලු බාප්පලැ ... පොර දැනගත්තොත් ඔලුව කයි ‘‘

‘‘ අනේ උෟට හුකාගන්ඩ කියහං .... ලෙඩ ඇදේ හිටිය මිනිහව රවට්ටලා .. ලියාගත්තුවනේ ....හරිනං ඔව්වා අපේ අම්මටත් අයිතියි .... ඒ විතරක්යැ    උඹලගේ තාත්තටත් ‘‘

‘‘ ඒ උනාට බං ...  මොකදෝ මොකදෝ වගේනේ ‘‘

‘‘ තොට බැරිනං නිකාහිටපිය .... මංජුවෝ උඹ යමං .... හවසට සංගීතේ බලන්ඩ යන්ඩත් කයිබාන් එකක් එපැ ‘‘

‘‘ කොහෙද බං අද සංගීතයක් තියෙන්නේ ‘‘

‘‘ ඇයි බොල මහර නුගේගොඩ ඉස්කෝලේ ....බ්ලු සෑඩෝස්   ගහන්නේ ‘‘

‘‘ දම්මිකයා උඹ එන්නැ ‘‘

‘‘ තෝ ත් එනවනං වර ...නැත්තං ඌත් එක්කම ගිහින් දයාරත්නයට පුක දීපිය ‘‘

කෝට්ටක් අහුලං කෑලිකඩ කඩා බුලත් පංදලමට උඩින් හාරපු   උල් දිය පිරුන අගලට විසිකරකර මෝඩගල්  ගොඩ උඩ උන්න දම්මිකයව එහෙම්ම දාල ...මං   අනුරයා පස්සේ වැටෙනවා .... මොනවා උනත්   ඌ මගේ යාලුවා අනුරයට වැඩිය ... ටිකක් දුර ඇවිදං ගිහින් .... අනිත් පැත්ත හැරිලා   ... මම දම්මිකයට අත වනනවා ....  ඌ නොදැක්කා වාගේ ඉන්නවා

ඔය දයාරත්නගේ ඉඩං කෑල්ල අක්කරයක එක හමාරක් සයිස් සරු ඉඩමක් ....  අනුරලගේ .. දම්මිකලගේ ඉඩං වලට මායිං වෙලා තියෙන්නේ ... අනිත් පැත්තේ   කැලේ වැවිච්ච  ආන්ඩුවේ ඉඩං .... ලේසියකට ඒ පැත්තට පිට එකෙක් එන්නේ නැ. දයාරත්න කියන ඔය අනුරලගේ ධම්මිකලගේ නැදෑයා ගමේ හිටිය පොරක් නෙමෙයි.

 .... යහමින් සල්ලිය බාගේ තිබුන පොර පදිංචිය ..ගෑනිගේ .. ගමේ ...මතක හැටියට   ඔය පස්යාල පැත්තෙද කොහෙද .... ඔය ඉඩං වලට පොඩි හුට පටයක් තිබුනා .... උන්ගේ සීයා කෙනෙකුට අයිතිවෙලා තිබුන ඉඩමක් ඕක .... අනුරලා දම්මිකලා කියන හැටියට ... නිරවුල් අයිතියක්   නොතිබුන ඒ ඉඩම ... අත ඇරලා දාල වගේ තිබිලා තියෙන්නේ ඔය කියන සීයා .... උන්දැ   ඔය කොල්ලා කාලේ ඉදන් ..  ගමෙන් පිට   ඉදලා .... දේපල තියන ළමයි ඉන්න ගෑණියෙක් එක්ක පවුල් කාල  .... බොහොම කාලයක් ගමෙන් පිට ඉදලා මැරෙන්ඩ වැටිලා ... සලකන්ඩ කෙනෙක් නැතුව ... ආයෙත් උපං ගමට ඇවිත් ... වැටිලා ඉදලා ...

අනුරලගේ   .. දම්මිකලාගේ   අම්මලා තමයි මැරෙනකං බලලා තියෙන්නේ .....  ඒ ඇරුනහම ... හරියට ගත්තහම    ..නීතියෙන් කසාද නොබැදපු ඔය මාමගේ    ඔය ඉඩමට පරවේනි උරුමයකුත්   උන්ට තියනවලු .... එහෙම තියැද්දි ගමෙන් පිට හිටපු ඔය දයාරත්න කියන පොර .... මැරෙන්ඩ ඔන්න මෙන්න  වැලිසර ඉස්පිරිතාලේ හිටපු සීයා ලගට හොර ඔප්පුවක් හදාගන ඇවිත් කන අත්සන ගහගත්තය  කියලා තමයි ඔය කෝන්තරය  , .... මට ඔව්වයෙන්   වැඩක් ඇතැ .... නාහෙට නාහන කාලේ .... මගේ ඔලුවේ තියෙන්නේ ... මලක් ගහලා ... සංගීතේ බලන එක.

ඔය ඉඩමටම තියෙන්නේ තැඹිලි ගස් පහයි ... ඔක්කොම මිටි බට් ගස් .... අඩි පහලවක්  විස්සක් නැ වල්ලට .....එක ගහක තැබිලි කහපාටයි ... ගෙඩි ගොඩක්   තිබුනට    පොඩි ගෙඩි ... හැබැයි   වතුර රසයි .... කහකඩත්   පැනි රසයි .... අනුරයා සට සට ගාල .... වලු හතරක් බෑවා ... එකක් කහපාට ගහේ ... ... කොටම ගහ වෙච්ච පස්වෙනි  ගහේ තැබිලි    වල්ල තියෙද්දි කවුරු හරි ගෙඩිය ගෙඩිය කඩාගන බීලා.

හතරවෙනි වල්ලත් අතේ අරං බැස්ස   අනුරයා   ... ගෙඩි නැති නටු ටික කපනකොට .... ලගම ගෙදර උන්න උන්ගේ නෑදෑයෝ වෙන පොඩි එකෙක් අපි තැඹිලි කඩනවා දැකලා එතනට ආවා ... මට දැං හෙන අවුල්   අපිව තැඹිලි හොරෙන් කැඩුවට මාට්ටු උනානේ ..... අනුරයට වගේ වගක් නැ


‘‘ උඔ නේද  අර ගහේ තැඹිලි හොරෙන් කඩාගන බිව්වේ ‘‘

‘‘ අනේ නැ අනුරයියේ මම නෙමෙයි ... මට ගස් නගින්ඩත් බැ ‘‘

ඒ අව් අස්සේ අනුරයා කහපාට වල්ලෙන් තැඹිලි ගෙඩියක් අරං අල්ලේ තියාගන උල් පිහියෙන් කපනවා

‘‘ බොට බැරි උනාට බොලාගේ තාත්තට පුලුවන්නේ ‘‘

‘‘ අනේ නැ අපේ තාත්ත තැඹිලි කැඩුවේ නැ ‘‘

‘‘ ඉදා බීපිය මේක .... කළු මාම අපිට මේ වත්ත බලාගන්ඩ කියලා තියෙන්නේ ..... ඔන්න අද උදෙත් මාගරට් නැන්දට කියලා .. අපිට කියලා තැඹිලි ටික බාගන්ඩ කියලා ... එතකොට මේ වත්තේ   වැටෙන පොල් කෝ ... ඒවත් අහුලන්නේ උඹලද ‘‘

‘‘ අනේ නැ   ... මං පොල් අහුලන්නේ නැ ... මේ වත්තට එන්නෙත් නැ ... අයියා එනවා දැකලා ආවේ ‘‘

‘‘ උඔට තව ගෙඩියක් දෙන්ඩද ‘‘

‘‘ නැ ... එපා .. එපා ‘‘

‘‘ නැ නැ බීපිය ‘‘

අනුරයා තව ගෙඩියක් කපලා කොල්ලට දෙනවා ‘‘

‘‘ උඹලා තැඹිලි කඩනවද ... පොල් අහුලනවද කියලා මං ඇහුවා කියල ... එහෙම ගෙදර ගිහින් කියන්ඩ ඕන නැ ‘‘

‘‘ නැ නැ අනුරයියේ ... මං මොකවත් කියන්නේ නැ ‘‘

ඔන්න එතකොටම ධම්මිකයත් එනවා ... අනුරයා ඌව නොදැක්කා වාගේ ... පොල් ගස් කරටිය දිහා බලනවා .... කහ  තැඹිලි  හනස්සේ ගහල තියන   උල් පිහිය ගන්න ධම්මිකයා .... වෙන වල්ලකින් තැඹිලි ගෙඩියක් කපාගන බිමින් ඉදගන්නවා

‘‘ තැඹිලි ගෙඩියට ඕන නං රුපියල් දෙකක් දෙයි .... කඩමු බං පොල් ‘‘

මම මාරුවෙන් මාරුවට අනුර දිහාත් දම්මික දිහාත් බලනවා.... උන් දෙන්නට දෙන්නා මූන බලන්නේ නැ ...

‘‘ කොල්ලෝ පරන රෙදි කෑල්ලක් අරං වරෙන් ... වළල්ලක් හදාගන්ඩ ......  ආ   පෝර උර දෙක තුනකුත් අරං වරෙං ‘‘

‘‘ අපේ පොල් වළල්ල තියනවා අනුරයියේ ‘‘

කියලා ගෙදර දුහන කොල්ලා .... පෝර බෑග් තුනක් එක්ක ...රෙද්දක්  හොදට අඹරලා හදපු   පොල් වළලක් අරං එනවා  , අනුරයා උස ගහකට නගින කොට වළලක් නැතුව මිටි ගහකට නගින දම්මිකයා ... ඒ ගහේ පැහුන ගෙඩි බිමට දානවා..... පොඩි එකයි මායි .. ඒවා එක ගොඩකට   ගොඩ ගහනවා.   .... ඔක්කොම කඩලා එකතු කරායින් පස්සේ    පොඩි එකාටම කියලා උදැල්ල ගෙන්නගෙන පොල් ටික ලෙලි ගහනවා .... තන්නාසෙටයි   ... කලබලේටයි කඩාපු ගෙඩිවලින් සමහරක් බාගෙට කලටි ... යාන්තමට පැහුනට  .. වතුර  ටිකක්   නැටුවට   ගෙඩිවල   තියෙන්නේ සෝමාරි සුදු පාටක්.

‘‘ මෙව්වා ඔක්කොම එකට ගෙනිච්චොත්   හොද එව්වත් දෙක පහට ගන්නේ............. ඉස්සෙල්ලා ... පැහුන ඒවා වෙනම දාපල්ලා ..‘‘

කියපු අනුරයා ගෙදර ගිහින් විල් බැරැක්කයක් අරං එනවා   , තැඹිලි වලු ටික ඉස්සෙල්ලම ධම්මිකලැ වැට මායිමෙන් ගෙනත් තියන අපි පැහුන පොල් ගෝනි දෙකක් පුරවලා ... මෝඩගල් මඩුවේ හංගලා ... ආයෙත් කලින් හිටපු තැනට යනවා .... තාමත් පොඩි එකා එතන , ඔය වත්තේ තියනවා ගල් තලාවක් ...  පට්ටෙට අව්ව වැටෙනවා .... කලටි ටික ඒ ගල් තලාවේ හලලා දානවා.... අනුරයා   බාරදූර වැඩේ පොඩි එකාට පවරනවා.

‘‘  උඹ ගෙදරට හොරෙන් සැරින් සැරේ ඇවිත් මේ ගෙඩි ටික ඒ පැත්ත මේ පැත්ත පෙරලහං ... හවසට මේවා විකුනලා උඹත් දෙනවා රුපියල් විස්සක් ‘‘

කොල්ලත් ඔලුව වනනවා සන්තෝසෙන් .... විල් බැරැක්කේ අරං මෝඩ ගල් මඩුවට ඇවිත් තැඹිලි වලු දෙකක් ඒකට දාල ඉතුරු ලොකු වල්ල දම්මිකයත් පොඩි වල්ල මාත් කරගහගන ඇවිත් මාගරට්  කඩේට දෙනවා .... රුපියල් දේසියක් ලැබුනේ නැ කියල මතකයි ... එකසිය ගානක් ලැබුනේ .... ඒත්  ඒ කාලේ ඉහටත් උඩින් .... මලක් දොලහයි පනහයි ... පඩයක් හයයි පනහයි .... ගොල් ලිප් එකක් තුනයි විසිපහයි ... රුපියල්  පහලවට පත චොක්ලට්  එකක් ගතහැකි.

මල් දෙකක් ගෙනත් ගහලා සතුටින් විසිර ගිහින් ... ගෙදර බත් හැලියේ   දංකුඩත් කාල ... එදා කෝකටත්  තිබුන රුපවාහිනියේ සහ අයිටිඑන් එකේ දිවා විකාශනයත් බලලා.  නාගන කරගන සංගීතේ බලන්ඩ යන්ඩම ... ඇදුමක් එහෙම දාගන ...  බයිසිකල් චෙන් එක කම්බි ගාංචුවෙන්  ඉනට අමුනගන , ගෙවල් වලට ගිහින් අරුන් දෙන්නත් සෙට්  කරගන   ගල් පොත්තට එනකොට කොල්ලා අපුරුවට වැඩේ කරලා.


....  කලටි ටික   ගානට ලාදුඹුරු පාටට හැරිලා  ... ඒ ටික අනිත් ගෝනියට දාගන ... පොල් ගෝනි දෙකක් විල් බැරුක්කෙට පටවලා අනික  දෙපැත්තං අල්ලං  මාරගරට් කඩේ පැත්තට එන්ඩ එනකොට කොල්ලත් පස්සෙං එනවා ..... කොච්චර  එලෙව්වත් යන්නේ   නැ .... ඌගේ  හිතේ  ඌට රුපියල් විස්ස නොදි මාරුවෙයි කියලා ....   ගෙදරටම  ඇවිත්ම විස්ස දෙන්නං   කඩේට යන්ඩ එන්ඩ එපා කියලා කොතෙක් කියුවත් ... එලවනකොට නවතින ඌ ආයෙත් අපේ පස්සෙං එනවා .... පස්සේ ඉතින් ඕන මගුලක් කියලා .. කරබාගන මාගරට් කඩේට ආවා ....

 දැං මාගරට් ඇන්ටි පොල් තෝරනවා ...  ගෝනි තුනම බිමට හලලා   ... මෙවා පොඩියි   ... මේවා පැහිලා නැ .... අරක මේක .... පොල් ගොඩවල්  තුනයි දැං ....

‘‘ මේ ටිකනං හොදයි  කොල්ලෝ   ... ඒවට හතර ගානේ   දෙන්නං .... පොඩි පොල් තුනට ...  මේ කලටි මොකට කැඩුවද .....  කවුරුවත් ගන්නැ .... ඒක දාහල්ලකෝ   එකයි පණහ ගානේ ‘‘

පොඩි එකාට දැං ඉහලුං නැ .... දත් මිටි කකා වේව්ලනවා

‘‘ මෙව්වා කොහෙද නැන්දේ     කලටි වෙන්නේ    ... අපි   ගල් පොත්ත උඩ දාල හොදට වේලලා   පස්සෝලනේ ගෙනාවේ ‘‘