2017-04-24

ගල් අරක්කු මිල පහත දමන්නැයි ඇමති ඩබ් ඩී ජේ රජයෙන් ඉල්ලයි



රජයේ ආදායම අඩු වුවත් සමාජයේ වැඩි දෙනකු භාවිතා කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළයුතු යැයි. තමන් රජයට යෝජනා කරන බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා අද(24) රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ රැස්වීමේ දි පැවසුවේය. 

ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂයේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග සහ එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත‍්‍රීසිරිපාල කිරිඇල්ල මහතා ද අදහස් පළ කළේය

................................................................................................

lanka e voice com කියලා අළුත් බ්ලොග් එකක් තියනවා මේක ඉස්සුවේ එතනින් , ඒ යස්සයා දවසකට එක ගානේ පොස්ට් ලියනවා

මෙන්න මෙතනට ගිහින් කමෙන්ට් එකක් කාරිය දාල නග්ගල ගන්ඩලා
බ්ලොග් වසන්තේට හොර ඡන්ද දැම්මාය කියලා කලින් ඡන්ද පෙට්ටියට සීල් තියලා වෙන ඡන්ද පෙට්ටයක් අලුතෙන් තියලා.
කලින් එකට ඡන්දේ දාපු අයටත් මේකට දාත හැකියි  කියලා ඡන්ද කොමසාරිස් කියුවා.
මම නං කලින් එකට වගේම මේකටත් මගේ  තුනෙනුයි , අටමිගේ එකෙනුයි  මටම ඡන්දෙ දාගත්තා.

මෙන්න අළුත් ඡන්ද පෙට්ටිය තියන තැන
http://upashantha.blogspot.com/2017/04/blog-post.html

30 comments:

  1. ඇයි ගල් අරක්කු විතරක්...අනිත් බ්‍රැන්ඩ් සියල්ලත් මිල පහල දමා ජනතාවට සහන සලසවු...!

    හිටන් බ්‍රේසියර් දැක්ක වගෙ ෆෝම් වෙයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අනිවා මට බොන්ඩ හැනපියර් අඩු කරන්ඩ ඕන
      මගේ යාලුවට බොන්ඩ සන්ස්තාඕල්ඩ් අඩුකරන්ඩ ඕන

      අනේ බං ඔය කමෙන්ට් එක එතනට දාහංකෝ

      Delete
    2. අනේ බං ඕකත් එතනටම ගිහින් කියහංකෝ

      Delete
  2. ගල් බෝතලේ රුපියල් 1440 ක් උනාට ඕක හදන්න කොම්පැනියට ඇත්තටම යන වියදම රුපියල් 300 යි. වියදම කිව්වට ඔතන ලාබෙත් තියෙනවා. ඉතිරි සේරම බදු. කොටින්ම කිව්වොත් ලංකාවේ අරක්කු සිගරට් බොන එවුන් ගෙවන බදු මුදල,ආණ්ඩුව සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට වෙන් කරනා මුදලටත් වඩා වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි .... හොදටම දන්න කෙනෙක් කියුවෙත් එහෙම .... හැබැයි ඔයිට චුට්ටක් විතර වැඩි ගානක් ....

      Delete
  3. කල් ඇති වෙලාවක බ්ලොගයට ඇහැ දුනිමී
    ගල් බෝතලය හින්දම දුවගෙන ආමී
    ගල් බෝතලේ ඇති තැන මග දැනගතිමී
    මල්ලියෙ මමත් ඒ පැත්තට යන්න යමී....

    ජයවේවා!!!



    ReplyDelete
  4. බ්‍රෑන්ඩ් එක ගල්
    ගිහින් ආවෙ

    ReplyDelete
  5. බොන්ඩම බැරි ගල් තමයි. බ්‍රැන්ඩිත් අඩු කරන්න බැරිද...

    ReplyDelete
  6. හැම වර්ගයකම අරක්කු බ‍්‍රැන්ඩි විස්කි බියර් හා වයින් මිල අඩුකල යුතුය. එතකොටවත් අඩු මිලට තියෙන කසිප්පු කලවම් ජරාව මිනිස්සු බොන එක අඩුවෙයි.

    ReplyDelete
  7. පෙරේත කමට බඩ පැලෙන්න බත් ගිලල ගිලල හදාගන්න දියවැඩියාව වගේ ලෙඩවලටයි පෙර්ත කමට තෙල් ජාති අජිනොමොටෝ දාපු කෑම ගිලල හදාගන්න ලෙඩ වලටයි පැණිරස ගිලල හදාගන්න ලෙඩවලටයි කම්මැලි කමට ඇගපත හොල්ලන්නෙ නැතුව ඉදල හදාගන්න ලෙඩවලටයි නිකම් බෙහෙත් දෙනවා.

    හැබැයි බොන මිනිහටමයි හැම එකාම කෙලින්න හදන්නේ.

    බුද්ධාගමට මුවා වෙලා කන බොන දේට බදු ගහන තක්කඩි මේ ලංකාවේ ඉන්නේ.

    පැයක් පාර්ට් ටයිම් කලහම රුපියල් 1000 කට වැඩිය ගන්න පුළුවන් දීයුණු රටක නම්. ඒවගේ රටක රෙඩ් ලේබෙල් 750 mL බෝතලයක් ගන්න පුළුවන් රුපියල් 1500. හොඳ රතු වයින් 720 ML බෝතලයක් ගන්න පුළුවන් රුපියල් 600 ට වගේ. හෙණ ගහනවා මේ බදු වලට.

    ReplyDelete
    Replies
    1. එහෙනං හෙන හතම ගහන්ඩ ඕන මුන්ට

      Delete
  8. ජෝන් මාමේ......උම්ම්ම්ම්ම්ම්ම්මා!!!!!!!!

    ReplyDelete
  9. අර බොලොග් එකට ගියා දවසට පෝස්ට් 10ක් විත්‍ර දානවනේ...පිස්සු හැදෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් බං උෟට ආච්චි වැහිලා

      Delete
  10. ගොඩ දවසකින් මේ පැත්තෙ ආවෙ, අයෙම බ්ලොග් කියවන්න මන් මටන් ගත්තා. ජෝන් ලොක්කටත් මාර දේවල් තමයි හිතෙන්නෙ. අනික් බ්‍රැන්ඩ් එක්ක ගත්තාම, ගල් කියන්න ඉම්පොර්ට් එතනොල් වලින් හදන එවා නේද. (මත් හරියටම දන්නෙ නෑ) ඔය කිව්වට මන් හිතන්නෙ නැ අඩු කරන්න හිටන් අනුමත කරයි කියලා.

    ReplyDelete
  11. ඇයි ගෝලිප් එකත් අඩු කරන්න ඕන.

    ReplyDelete
  12. තමුන්ගෙ අතින් යන දවස් එනකන් මුන්ට ඕක දැනුනෙ නෑ.. දැන් හරි දැනුන එක හොඳයි අප්පා..
    ජයවේවා..!!

    ReplyDelete
  13. කඩල ගොට්ටක් කාලා සරුවත් වීදුරුවක් බීපිය. අරක්කු මිල වැඩි කරනු!!!

    ReplyDelete
  14. හුකා. ගල් අරක්කු බෝතලයක් 1500/- වෙනවද? කොහොමද බං එතකොට මිනිහෙක් කෑම කෙසේ වෙතත් ඉඳල හිටලා හරි ෂොට් එකක් ගහල ඉන්නෙ?

    මගේ ආසම ජාතිය උනෙත් ගල්. හපෝ ලංකාවට එන දවසක මම අමද්‍යප වෙනව එහෙනං 🙈🙈🙈

    එල බ්ලොග් එකක් බන්. ෆලෝ පාරක් දැම්ම.

    ස්තුතියි උබට 👊🏽

    ReplyDelete
    Replies
    1. උඔ දැනං හිටියේ නැද්ද

      Delete
  15. අම්මට සිරි ගල් විතරක් අඩු කරල මදි olඑහෙමත් අඩු කරනු.

    ReplyDelete
  16. හොඳ නරක ගැන කලු සුදු ඉරි ඇඳගෙන ජීවත් වෙන පොළොවේ පය නොගහපු උන්ට කියන්න පුළුවන් අරක්කු අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි ඒක නිසා කොහොම මිල වැඩි වුනත් කමක් නැහැ කියලා.
    ඒත් ඇත්තටම මෙතැන මේ මට පෙන්නන්න බැරි කුලකයේ ඇමැති තුමා කරලා තියෙන යෝජනාව හරිම සාදනීය එකක් විදියටයි මම දකින්නේ.
    බොහෝමයක් ඇමැති හොරු කරන්නේ ආණ්ඩුවට අරක්කු මිළ ඉහල දාන්න සහය දීලා ගෑනුන්ගේ චන්ද ටික ගන්න ගමන් හෙන්චයියෙකුට කසිප්පු විකුනන ජාවාරම කරන්න දීලා පොලීසියෙන් ආරක්ෂාවත් සපයලා එතැනිනුත් ගානක් හම්බ කරගන්න එකයි.
    ඇමතියා මොකා වුනත් මෙහෙම දෙයක් කියන්න තරම් අවංක වුනු එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා

      Delete
  17. අම්මපා කම්කරු දිනේ කිට්ටු වෙනකම්ම ඉන්න උනානේ මේ ඇමතිලාට අරක්කු මිල මතක් වෙන්න

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>